Homeදේශීයආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ කාර්‍යමණ්ඩලයට හමුදා සාමාජිකයින් 15ක්

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ කාර්‍යමණ්ඩලයට හමුදා සාමාජිකයින් 15ක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා එක් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු සහ දැනට ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු නිලධාරීන් සිව් දෙනකු සහ සෙසු නිලයන් එකොළොස් දෙනෙකු පත්කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ හය දෙනෙකු,ශ්‍රී ලංකා නාවික හමුදාවේ පස් දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිව් දෙනකු මීට ඇතුළත්.

ඩබල් කැබ්රථ හතරක් භාවිතයට ගනු ලබන බවද ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්.

මෙම වාහන සඳහා ඉන්ධන දීමනා වශයෙන් රුපියල් දෙලක්ෂ පනස් දෙදහස් පන්සිය අසූ හයක මුදලක් මාසිකව වැය කරනු ලැබෙයි.

කාර්යමණ්ඩලයට අයත් විශ්‍රාමික පුද්ගලික ලේකම්වරයා වෙත පමණක් වැටුප් සහ දීමනා ගෙවනු ලබන අතර (එම මුදල මාසිකව රුපියල් 84,637කි.) සෙසු අය සඳහා අදාළ හමුදා විසින් ගෙවීම් සිදුකරනු ලබයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments