කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ලේකම් ධුරය දරන ලංකා ගුරු සේවා සංගමය, පාසැල් කාලය පස්වරු 2:00 දක්වා දීර්ඝ නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර තිබෙනවා.
ඒ එම සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් අතර පැවති සාකච්ඡාවකදීයි.
මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යාල්වෙල පඤ්ඤාසේකර හිමියන් ද අදහස් පළ කළා.
උන්වහන්සේ පැවසුවේ රජයේ ගුරු වෘත්තිය සමිතියේ ද යෝජනා සැලකිල්ලට ගෙන බලධාරීන් පාසල් කාලය දිගු කිරීමේ යෝජනාව හකුලා ගතයුතු බවයි.



