Homeදේශීයස්වාධින අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ මූලික සැලසුම් සාකච්ඡාවක්.

ස්වාධින අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ මූලික සැලසුම් සාකච්ඡාවක්.

ස්වාධින අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සමග සාකච්ඡාවක් පවත්වා තිබු අතර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනය කර තිබුනේ ස්වාධින අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අදාළව මුලික සැලසුම් සකස් කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා වු බවයි.

එහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමට නියමිත බව එහි වැඩි දුරටත් සදහන්ව තිබුනි.

එම සාකච්ඡාව සඳහා එක්ව තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, නීතිපති ජනාධිපති නීති, පාරින්ද රණසිංහ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය, ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසකි.

රාජ්‍ය අපරාධ පිලිබඳ චෝදනා ජාත්‍යන්තර මැදිහත්වීමෙන් පසිඳලනු වෙනුවට ස්වාධින අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා රජය පත් කළ විද්වත් කමිටුවේ සභාපතිවරයාගේ යෝග්‍යතාව අභියෝගයට ලක්වී තිබේ.

රජයට එම කාර්යාලය පිහිටුවීමට බලකෙරී ඇත්තේ පැමිණිලිකාර ආණ්ඩුවේ නීතිඥයාද වන නීතිපතිවරයාගේ කාර්යාලයම චූදිත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රමවේදය දේශීය හා ජාත්‍යන්තර නීතිවෙදීන්ගේත් මානව හිමිකම් සංවිධානවලත් දැඩි විවේචනයට ලක්වීම නිසායි.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම අරමුණු කොටගෙන තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කොට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් මැයි මාසයේ අනුමත කරන ලද යෝජනාව පරිදි එහි සභාපතිත්වය දරනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments