Homeදේශීයසජිත්ගේ ඉන්දීය සංචාරයට ගිය අය ගැන පක්ෂ අභ්‍යන්තරයෙන් විරෝධයක්.

සජිත්ගේ ඉන්දීය සංචාරයට ගිය අය ගැන පක්ෂ අභ්‍යන්තරයෙන් විරෝධයක්.

ඉන්දීය සංචාරයට
පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨ නායකයන්
සම්බන්ධ කර නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක
සජිත් ප්‍රේමදාසට සමගි ජන බලවේගය ඇතුළතින්ම දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

සිය ඉන්දීය සංචාරය සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ වෙනත් කිසිදු ජ්‍යෙෂ්ඨ නායකයෙකු සම්බන්ධ කරගෙන නොතිබුණි.

ඒ සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි විරෝධයක් එල්ල වී ඇති බව, පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ආර්ථිකය හෝ විදේශ කටයුතු සම්බන්ධ ප්‍රාමාණික දැනුමක් සහිත මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විපක්ෂ නායකවරයා සිය ඉන්දීය සංචාරයට සහභාගී කර ගත්තා නම් සංචාරය වඩාත් ඵලදායී විය හැකි බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබේ.

විපක්ෂ නායකවරයාගේ දේශපාලන උපදේශක ලෙස හඳුන්වන ඔහුගේ සමීපතම හිතවතෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සංවිධායක ධූරය උසුලන කෝට්ටේ ආසනය නියෝජනය කරන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන විපක්ෂ නායකවරයාගේ ඥාතියකු වන චමිත් විජේසුන්දර මෙම සංචාරයට එක්ව සිටිනු දක්නට ලැබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments