මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ පස්වරුවේ 2026
අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැයයි.නිදහස් ශ්‍රී ලංකාවේ 80 වන අයවැය ලේඛනය මෙයයි.
ජනාධිපතිවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේ ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද 03කින් පරාජයට පත්ව තිබෙනවා.
අයවැයට විපක්ෂව විපක්ෂය නියෝජනය කරන සභිකයින් 08 දෙනෙකු ඡන්දය භාවිතා කළ අතර විපක්ෂයේ සභිකයින් දෙදෙනෙකු සභාවට නොපැමිණි බවද සඳහන්.
ජාතික ජන බලවේගයේ සභිකයින් 04 දෙනා සහ සභාපතිවරයා පක්ෂව ඡන්දය භාවිතා කර තිබෙනවා.
මෙම සභාව තුළ විපක්ෂයට සභික ධූර 10ක්ද, ජාතික ජන බල වේගයේ සභිකයින් 05 දෙනෙකුද සමන්විත වු නමුත්,සභාපතිවරයා තේරීමේදී විපක්ෂයේ දෙදෙනෙක් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද භාවිතා කිරිම නිසා සභාපතිවරයා ජාතික ජන බලවේගයෙන් පත් වුණා.



