Homeදේශීයදිලුම්, සනත්,කෙහෙළිය සහ සම්බන්දන්ගේ නිල නිවාස මහාධිකරණ බවට පත්වෙයි.

දිලුම්, සනත්,කෙහෙළිය සහ සම්බන්දන්ගේ නිල නිවාස මහාධිකරණ බවට පත්වෙයි.

පසුගිය රජය සමයේ සිටි අමාත්‍යවරුන් තිදෙනෙක් සහ හිටපු විපක්ෂ නායකවරයා භාවිතා කළ කොළඹ 07 ප්‍රදේශයේ රජයට අයත් නිවාස 04 ක් නව මහාධිකරණ 04 පිහිටුවීමට යොදාගන්නා බවට වාර්තා වනවා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාවිච්චි කළ කොළඹ 7 ග්‍රෙගරි පාරේ B 88 නිවස, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පාවිච්චි කළ කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ C 76 නිවාසය, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාවිච්චි කළ කොළඹ 07, විජේරාම මාවතේ B 108 නිවාසය සහ හිටපු විපක්ෂ නායකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආර්.සම්බන්ධන් මහතා පාවිච්චි කළ කොළඹ 07 ස්ටැන්මෝර් චන්ද්‍ර වංකයේ B 12 නිවාසයන් තුළ නව මහාධිකරණ 04 පිහිටුවීමට නියමිතයි.

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධකා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, නව මහාධිකරණ 04ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින මෙම නිවාස 04, අධිකරණ සහ ජාතික ඒකාබද්ධකා අමාත්‍යාංශය වෙත භාර දීම සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments