Homeදේශීයමහින්ද දෑතින්ම අල්ලාගත් චන්දිම.

මහින්ද දෑතින්ම අල්ලාගත් චන්දිම.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා දෑත් පටලාගෙන සිටින ඡායාරූප කිහිපයක් හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍ය උණුසුම් වී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සහ චන්දිම හෙට්ටිආරච්චි මහතා මෙලෙස මුණගැසී ඇත්තේ බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයෙහි අභිනවයෙන් ඉදිකරන ලද සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය උත්සවයේදීයි.

එම උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත යන අයද සහභාගී වී සිටියා.

එම උත්සව අවස්ථාවට පැමිණි ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැක දැඩි සොම්නසට පත්ව ඔහුගේ දෑතම බදා ඉතා කුළුපඟව කතාබස් කරන අයුරු දැක පැමිණ සිටි අයද වික්ෂිප්තවී සිටියා.

කෙසේවෙතත් මෙම උත්සව අවස්ථාවට අදාළ ජායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමෙන් අනතුරුව චන්දිම හෙට්ටිආරච්චි මහතාව සමාජ මාධ්‍යයන්හී දැඩිව විවේචනයට ලක්ව තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments