ජගත් විතානට මරණ තර්ජන තියෙන්නේ
මහජන දේශපාලනය නිසා නෙවෙයි.
කුඨ ව්‍යාපාර, ජාවාරම්, සංවිධානාත්මක අපරාධ නිසා
පොලිස්පති කියයි
පසුගිය දා සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන්ටත් ජිවිත තර්ජන, මරණ තර්ජන තිබෙන බවත් ඒ නිසා තමන් හට ආරක්ෂාව ලබා දෙන ලෙසත් ය. ඒ අනුව ඊයේ දිනයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ආරක්ෂාවට යොදවා ඇති බවත් ජගත් විතාන මහතා ප්‍රකාශ කර තිබුනා.
මේ පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර තිබුනේ, තාවකාලිකව පොලිස් ආරක්ෂාව ලබා දුන් බවත්, අදාළ පුද්ගලයාට මරණ තර්ජන තිබෙන්නේ මහජන දේශපාලනය කිරීමෙන් නොවන බවත්, සංවිධානාත්මක අපරාධ, කුඨ ව්‍යාපාර හා ජාවාරම් නිසා බව පරීක්ෂණ වලින් තහවුරු වෙමින් තිබෙන බවත් ය.



