Homeදේශීයදීපාවලී උත්සවය අදයි

දීපාවලී උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබේ.

අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උලෙළ සමරයි.

වසර 35,000ක් පමණ පැරණි දීපාවලී සැමරුම වටා බැඳුණු පුරාවෘත්ත රැසක් පවතියි.

විෂ්ණු දෙවියන්, නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් දීපාවලී උත්සවය සමරනු ලබන බව මේ අතරින් වඩාත් ප්‍රකට කතා පුවතයි.

තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටම ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments