අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය මූලික උපාධිය හැදෑරූ හින්දු විද්‍යාලයේදී නව දිල්ලි විශ්ව විද්‍යාලය විසින් ඇයට පිරිනැමීමට නියමිතව තිබූ ගෞරව ආචාර උපාධිය පිරිනැමීමට නොහැකි වී තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නව දිල්ලි විශ්ව විද්‍යාලයෙන් කර ඇති විශේෂ ඉල්ලීමකින් අනතුරුව සැප්තැම්බර් මාසයේ පැවති හදිසි සාකච්ඡාවකින් පසුව මෙලෙස අග්‍රාමාත්‍යවරියට ගෞරව ආචාරය උපාධිය පිරිනැමීමට තීරණය කර තිබිණි.
එහිදී නව දිල්ලි විශ්ව විද්‍යාලය විසින් අග්‍රමාත්‍යවරියට සිය ඔක්තෝම්බර් මාසයේ නිරත වීමට නියමිත විදේශ සංචාරය අතරතුරදී ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීමට සැලසුම් කරනු ලැබ තිබේ.
මේ සම්බන්ධයෙන් නව දිල්ලි විශ්වවිද්‍යාලයේ උපකුලපති විසින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාර කර ඇත්තේ අවශ්‍ය සියලුම අනුමැතීන් ලබාගෙන තිබුණද විශේෂ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා කටයුතු සංවිධානය කළ නොහැකි වූ බවයි.
ඊට මූලික හේතුව වී ඇත්තේ අවශ්‍ය උත්සවයට අදාල සියලු කටයුතු සිදුකිරීමට නිසි කාලය තුළදී නොහැකි වූ බව යැයි උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
″ඇය නැවත ඉන්දියාවට පැමිණෙන විට අපි උපාධි ප්‍රදානෝත්සවයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන්න බලපොරොත්තු වෙනවා ″ යනුවෙන්ද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අග්‍රාමත්‍යවරිය විසින් 1991 වර්ෂයේ සිට 1994 වර්ෂය දක්වා ශිෂ්‍යත්වයක් ලබා හින්දු විද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරා ඇත.
Aමේ අතර අග්‍රාමාත්‍යවරිය විසින් හින්දු විද්‍යාලයේ සිදුකළ සංචාරය අතරතුරදී විදුහලේ විදුහල්පතිනිය විසින් ඉතා උණුසුම්ව පිලිගනු ලැබීය. එහිදී විදුහල්පතිනිය සඳහන් කර ඇත්තේ ආදි සිසුවෙකු ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යධූරය හෙබවීම ගෞරවයක් බවයි.



