Homeදේශීයඅධිකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරියට ඇප.

අධිකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරියට ඇප.

මහවැලි අධිකාරියට අයත් ඉඩමක දේපළ සම්බන්ධ වන්දි වංචාවක් කිරීමේ චෝදනාව මත, හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවවිසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණ.

අත්අඩංගුවට පත් හානි පූර්ණ කාර්යාල හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ අධිකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම් සේපාලිකා සමන් කුමාරිට ඇප ලබා දී තිබෙනවා.

මෙම අතිරේක ලේකම්වරිය, රජයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 885,000ක වන්දි මුදලක් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ විමර්ශනයේ දෙවන සැකකාරිය වනවා.

අරගලකරුවන් විසින් 2022 වසරේදී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව, මහවැලි අධිකාරියට අයත් දේපළ සඳහා වන්දි නියම කිරීමේදී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමඟ කුමන්ත්‍රණය කළේ බවට මෙම සැකකාරියට චෝදනා එල්ල වී තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments