Homeදේශීයශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් බෝතල් භාවිතය අධෛර්යමත් කිරීමට රජය පියවර ගනී

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් බෝතල් භාවිතය අධෛර්යමත් කිරීමට රජය පියවර ගනී

රජය ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය හා භාවිතය අධෛර්යමත් කර වීදුරු බෝතල් භාවිතයට මාරුවීමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද පාර්ලිමේන්තුවට පැවසීය.

වීදුරු බෝතල් නිෂ්පාදන ව්‍යාපෘති සඳහා සහන රැසක් ලබා දීමට රජය සූදානම් බව ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමේදී මේ බව පැවසීය.

මේ වනවිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත 780ක් දැනට රට තුළ ක්‍රියාත්මක‍ බවද එම පිළිතුරේ සඳහන්.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments