Homeදේශීයපවුල් ලක්ෂ 9කට තමන්ගේම නිවසක් නෑ.

පවුල් ලක්ෂ 9කට තමන්ගේම නිවසක් නෑ.

මෙරට වෙසෙන පවුල් ලක්ෂ නවයක් ජීවත්වීම සඳහා තමන්ගේම නිවෙසක් අපේක්ෂාවෙන් පසුවන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එලෙස නිවාස අපේක්ෂාවෙන් සිටින පවුල් එක්දහස් තුන්සීයකට ආසන්න පිරිසක් වෙත ජාතික ජනාවාස දිනය නිමිත්තෙන් නිවාස ලබාදීමට නියමිත බව එම අධිකාරියේ සභාපති අරවින්ද සිල්වා පැවසීය. මෙලෙස දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නිවාස දහසකට අධික සංඛ්‍යාවක් එකම දිනයකදී ජනතා අයිතියට පත් කරන පළමු අවස්ථාවද මෙයයි.

එමෙන්ම මෙම වසරේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ආධාර වැඩසටහන යටතේ නිවාස තුන් දහසකට අධික සංඛ්‍යාවක් සහ ණය ලබාදීමේ වැඩසටහන යටතේ නිවාස දෙදහස් පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර අවසන් කිරීමටද නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments