Homeදේශීයවිදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ දැමීමේ අවසන් තීරණය ලබන සතියේ

විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ දැමීමේ අවසන් තීරණය ලබන සතියේ

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ තීරණය මෙම මස දෙවන සතිය අවසානයේ ලබා දීමට කටයුතු කරන බව එම කොමිසම පවසනවා.

විදුලි ගාස්තු ඉහළ සියයට 6.8කින් ඉහළ නංවන ලෙස යෝජනා කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව එම කොමිසම විසින් ඊට අදාළ වාචිකව මහජන අදහස් ලබාගැනීම පසුගිය මස 18 වනදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කළා.

මේ වන විට දිවයිනේ පළාත් 8ක් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගෙන ඇති අතර, පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඊට සහභාගි වූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් මහතා සඳහන් කර සිටියා.

මහජන අදහස් ලබා ගැනීමේ අවසන් සැසිය එළඹෙන 8 වනදා බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

අදාළ මහජන අදහස් උපයෝගීතා කොමිසම විසින් අධ්‍යයනය කරමින් සිටින අතර එහිදී විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්දන බලාගාරවලින් ඉන්ධන මිලදී ගැනීමේ වියදම, බෙදා හැරීමේ වියදම හා ණය ගෙවීමට විදුලිය ගාස්තුවලින් අරමුදල් ලබා ගැනීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු කරනු ඇති.

ඒ අනුව සියලු කරුණු සලකාබැලීමෙන් අනතුරුව විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිතයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments