Homeදේශීයබන්ධනාගාර මුල්පුටු කිහිපයක් අද සිට වෙනස් වෙයි

බන්ධනාගාර මුල්පුටු කිහිපයක් අද සිට වෙනස් වෙයි

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.එම්.එන්.සී. ධනසිංහ මහතා විසින් බන්ධනාගාර කොමසාරිස්වරුන් සිව්දෙනෙකුට සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයෙකුට නව රාජකාරි පවරා තිබෙනවා.

ඒ අනුව මෙහෙයුම් සහ පාලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.එම්.යූ.ජී.ඒ.කේ. බස්නායක මහතා බන්ධනාගාර කොමසාරිස් පාලන තනතුරට පත් කරනු ඇති.

බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.ඩී.එම්.ජී.බී. දිසානායක මහතා බන්ධනාගාර කොමසාරිස් සැපයුම් තනතුරටත් බන්ධනාගාර කොමසාරිස් සැපයුම් ධූරයේ මෙතෙක් කටයුතු කළ ආර්.පී.එච්. කුමාර මහතා මෙහෙයුම්, බුද්ධි හා ආරක්ෂණ බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසත් පත් කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන තනතුරේ රාජකාරි කළ ජේ.සී. වීරසිංහ මහතා කර්මාන්ත සහ නිපුණතා සංවර්ධන කටයුතු භාර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙනවා.

කර්මාන්ත විෂයභාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එස්.කේ. පල්ලෙතැන්න මහතා පුනරුත්තාපන කටයුතු භාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව මෙම නව රාජකාරි පැවරීම අද සිට ක්‍රියාත්මක වනු ඇති.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments