Homeදේශීයමුල් මාස හයට අල්ලස් වැටලීම් 54 කින් 34ක් අත්අඩංගුවට

මුල් මාස හයට අල්ලස් වැටලීම් 54 කින් 34ක් අත්අඩංගුවට

2025 වසරේ මුල් මාස හය තුළ අල්ලස් සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

මේ වසරේ ජනවාරි 1 වැනි දින සිට ජුනි 30 වැනි දින දක්වා කාලය තුළ වැටළීම් 54 ක් සිදුකළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 10 දෙනකු, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් 5 දෙනකු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 2 දෙදෙනකු සහ ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ (SLTB) නිලධාරීන් 2 දෙනකු ඇතුළත් වේ.

මීට අමතරව, මෙම වසරේ මුල් මාස හය තුළ අල්ලස් සිදුවීම් සම්බන්ධයෙන් සිවිල් වැසියන් 6 දෙනකුද අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම තවදුරටත් පවසයි.

මේ කාලය තුළ අල්ලස් සම්බන්ධ සැකකරුවන් 60 දෙනකුට එරෙහිව විවිධ අධිකරණ හරහා නඩු 50 ක් ගොනුකර ඇත.

තවද, නඩු 6 ක් අවසන් කර ඇති අතර, අල්ලස් සම්බන්ධ නඩු 273 ක් දැනට රට පුරා අධිකරණවල විභාග වෙමින් පවතී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments