Homeඅධ්‍යාපනිකවිෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය ජනගත කෙරේ

විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය ජනගත කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතේ පවතින ජාතික විද්‍යා පදනම සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කළ “විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය” ජනගත කිරීමේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පදනම ආයතනයේ දී පැවැත්විණි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සෙනෙවීර, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක (සංවර්ධන ) ඩබ්ලිව්.පී.සෙව්වන්දි, ආචාර්ය ජයන්ත වත්තවිදානගේ, මහාචාර්ය චන්දන ජයරත්න, මහාචාර්ය ජීවන්ත ප්‍රේමරත්න මෙන්ම, විශ්ව විද්‍යාල උපකුලපතිවරු, මහාචාර්යවරු, කතිකාචාර්යවරු, විද්‍යා ක්ෂේත්‍රයේ විද්‍යාඥයින්, පර්යේෂකයින්, ආයතන ප්‍රධානීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය යනු විද්‍යාත්මක සොයාගැනීම් / නවෝත්පාදන / හෝ වෙනත් ඕනෑම විද්‍යාත්මක සංවර්ධනයකට අදාළ නිවැරදි කරුණු සහ සත්‍ය තොරතුරු ප්‍රවෘත්ති කතාවක්, විශේෂාංග ලිපියක්, වාර්තාමය හෝ ගුවන් විදුලි වැඩසටහනක් ලෙස වාර්තා කිරීමයි.

විද්‍යා වාර්තාකරණය ජනතාවගේ විද්‍යා සාක්ෂරතාවය වැඩි කරන අතර එමගින් විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය වැඩි කරයි. එවිට ජනතාවට තම එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගත හැකිය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments