ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කර ඇති “ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු’’ වැඩසටහන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී අගෝස්තු මස 01 වැනිදා සහ 02 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනේදී ජංගම ගෙවීම් යෙදවුම් සඳහා ලියාපදිංචිවීම, මූල්‍ය සේවා පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඩිජිටල් ගෙවීම් සිදු කිරීමේදී මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීම පහසුකම් සැපැයීමට කටයුතු යොදා තිබේ.
මෙම වැඩසටහනට සහභාගිවන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික ආයතනවලින් විවිධ වර්ගයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත්, එහිදී ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කර සුවිශේෂී වට්ටම් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා ඇත.
මෙහිදී ස්වකීය ණය තොරතුරු වාර්තා (CRIB Report) නොමිලේ සැපැයීමට ද කටයුතු යොදා තිබේ.