වැඩ තහනමට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතාව ධූරයෙන් නෙරපා හැරියහොත් හිටපු පොලිස්පතිවරයෙක් ලෙස හිමි වීමට නියමිත විශ්‍රාම වැටුප්, වරප්‍රසාද යනාදි සියලු දේ අහිමි වන බව මහාචාර්‍ය ප්‍රතිභා මහනාම මහතා පවසනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට වරදකරු බවට විෂමාචාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව සිය වාර්තාවෙන් දැනුම්දුන්නා.
කතානායකවරයා පනතෙ 17 වන වගන්තියට අනුව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට යෝජනාවක් ලෙස ඇතුලත් කරන්න ඕනේ. ඊළඟට ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න ඕන. පනතේ 18 වන වගන්තියේ තියෙනවා පැහැදිලිවම අදාළ යෝජනාව ස්ථාවර නියෝග අනුව සියලු මන්ත්‍රීවරුන්ට බෙදලා දෙනවා.ඊළඟට මේ ඉවත් කිරීමේ යෝජනාව ගෙනල්ලා ඒ කමිටු වාර්තාව අනුව ඒ පිළිබඳ වාද විවාද කරනවා. වාද විවාද කිරීමෙන් පස්සෙ, පාර්ලිමේන්තුවේ නොපැමිණෙන මන්ත්‍රීවරුන් ඇතුළුව අඩකින් සමන්විත වෙන්න ඕන ඒක, එකසිය දහතුනකින් සමන්විත වුනොත් ස්ථිර යෝජනාවක් කළොත් ගරු ජනාධිපතිතුමාට දෙනවා, ජනාධිපතිතුමා අත්සන් කල වෙලාවෙ ඉඳන්, එයාව ධූරයෙන් ඇත්තටම නෙරපා හරිනවා.
දැන් මෙහෙම නෙරපා හැරියම අස්වුනා වගේ හෝ විශ්‍රාම ගියා වගේ නෙමෙයි, හිටපු පොලිස්පතිවරයෙක් හැටියට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. වරප්‍රසාද වගේ සියලු දෙයක්ම එයාට අහිමිවෙලාා යනවා. ඒව නැවත ඉල්ලනවා නම්, නැවත ඒවා පාර්ලිමේන්තුවේදී ඉල්ලා ගත යුතුයි.
වැදගත්ම කාරණය තමයි පොලිස්පතිතුමා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (c) ඒකෙ පැහැදිලිවම තියෙනවා ජනාධිපතිතුමා නම් කරලා ව්‍යවස්ථාදායක සභාව මගින් තමයි මූලික වශයෙන් ඒ පත් කිරීම කරන්නේ. හැබැයි ඉවත් කිරීම කරන්න බෑ ජනාධිපතිතුමාට. ඉවත් කිරීම කරන්න පුළුවන් මේ 2002 පනත යටතේ ඒකේ අවසාන අදියරයට පැමිණ තිබෙනවා. දැන් එතකොට පැහැදිලිවම මේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කරනවා. ඊට පස්සේ ස්ථාවර නියෝග අනුව අනිවාර්යයෙන්ම සිදුවන කටයුත්ත තමයි ඡන්දෙකට ගිහිල්ලා අවසානයේ විමසීමෙන් පස්සේ තමයි එයාව ධූරයෙන් පහ කරන්නේ. ඒක නැවත ජනාධිපතිවරයාට යවන්න ඕනේ. ජනාධිපතිවරයාට පුළුවන් මේක අත්සන් කරනවාද නැද්ද කියන එක.ජනාධිපතිවරයාගේ අවසන් නියෝගය මත තමයි ධූරය අහිමි වෙන්නේ.