මෙරට වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල පැවසුවේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගී තත්ත්වයන් වකුගඩු රෝගයට ප්‍රධාන හේතූන් වී ඇති බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල,
“දැන් වකුගඩු රෝග තත්ත්වය කොච්චර බරපතළද කියනවානම් හැම වැඩිහිටියෝ 10 දෙනෙකුගෙන් එක් අයෙක් වකුගඩු රෝගියෙක් කියලා අපි හිතන්නේ. අපිට මතක් වෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව ඒ වගේම කතරගම පළාත්වල අපි දැකපු ජල ආශ්‍රිතව හඳුනා නොගත් වකුගඩු රෝගය ඒක තමයි 2005 – 2015 අතර අපේ තිබුණු මූලික ප්‍රශ්නය. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. දැන් තත්ත්වය දියවැඩියාව සහ අධි රුධිර පීඩනය නිසා තමයි වකුගඩු රෝගය මූලිකවම බිහිවෙන්නේ.
නමුත් අපි දකිනවා යම්කිසි අඩුවීමක් වියලි කලාපය තුළ සිටින රෝගීන්ගේ හඳුනා නොගත් වකුගඩු රෝගීන්. මම හිතන්නේ හැම ගෙදරකම රෝගීයෙක් නැත්නම් ඒක පුදුමයක් වගේ තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඉන්න දියවැඩියා රෝගීන්ගේ හැටියට අපි මේ ඉන්න හැමෝගෙම හතරෙන් එක්කෙනෙක්ට දියවැඩියාව තියෙනවා. ඉතින් ඔතනින් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට තියෙනවා. ලංකාවේ මිලියන 1000ක් ඡන්දය දෙන්න සුදුසුකම් තියෙනවානම් මිලියන 1.4කට කිට්ටු ගාණක් වකුගඩු රෝගීන් ඉන්න ඕනේ.”