Homeදේශීයකතානායකට කතා කරාම ලේකම්ගෙන් අහන්න කියනවා

කතානායකට කතා කරාම ලේකම්ගෙන් අහන්න කියනවා

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දූරකථනයට සම්බන්ධ කරගත් විට මාධ්‍යයට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් තමාගේ ලේකම්වරයාගෙන් විමසන ලෙස දැනුම් දීම පුරුද්දක් කරගෙන සිටියි.

අපට ඇත්තේ කථානායකගෙන්ම විමසිය යුතු දේවල් බවත්, ඒ සඳහා ලේකම්වරයකුට පිළිතුරු ලබාදිය හැකිදැයි විමසුවත්, ඔහු කියන්නේ ඒ ඕනෑම දෙයක් ලේකම්වරයාගෙන් විමසන ලෙසයි. ඒ අනුව ඔහුගේ ලේකම් වන ජනක මහේෂ්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජූලි 09 වැනිදා රැස්වී තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමට සාමාජිකයෙකු අනුමත කළේ දැයි අනිද්දා පුවත්පත කළ විමසීමේදී ඒ පිළිබඳ කිසිවක් ඔහු දැනසිටියේ නැත.

කථානායකවරයා එම ධුරයට හිමි ඉන්ධන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ඉන්ධන ලබා ගන්නවාදැයි විමසීමේදී කථානායක ඉන්ධන දීමනාව ලබා ගැනීම සම්බන්ධයෙන් මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉන්ධන ලබා ගන්නවාද නැද්ද යන්න පිළිබඳ නිශ්චිත පිළිතුරක් ලබාදීමටද ලේකම්වරයා සතුව තොරතුරු තිබුණේ නැත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments