ලංකාවේ වාමාංශිකයින් සතුව අලිඛිත නීතියක් (Unwritten law) පවතින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ”දිනන දකුණ” සම්මන්ත්‍රණය අමතමිනි.
එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ කෙතරම් ජනතාවාදී මුහුණුවරක් පිටතට ප්‍රදර්ශනය කළ ද පක්ෂයෙන් ඉවත් වු පුද්ගලයකු පිලිබඳ හැඳින්වීමේ දී අදාළ පුද්ගලයා නොහඳුනන්නේ යැයි පවසන බවයි.