පසුගිය මාර්තු මාසයේදී පැවැති 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවල අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බවත් එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත් විට 73.45%ක ප්‍රතිශයක් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
ඇය මෙම තොරතුරු හෙළි කර සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් සිසුන් 13,392ක් සිටින බවද එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%ක් වන බවත් ඇය පැවසුවාය.
සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන්කර සිටියාය.
එක් එක් පළාත් අනුව ගත් කල වැඩිම සිසුන් පිරිසක් විභාගය සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එම ප්‍රතිශතය 75.64% කි.