රජයේ සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශනය වන වැඩසටහන්වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් තව මාස තුනක් තුළ ජාතික ජන මාධ්‍ය ප්‍රතිපත්තියක් එළි දකින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආචාර ධර්ම උල්ලංඝනය කිරන ජනමාධ්‍ය විෂයෙහි රජය විසින් ගනු ලබන පියවර කවරේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සේන නානායක්කාර විසින් විමසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.
කෙසේ වෙතත් ඇමතිවරයා අවධාරණය කළේ ජනමාධ්‍ය සම්බන්ධව කිසිම නීතියක්, පනතක් හෝ ආචාර ධර්ම සංග්‍රහයක් රැගෙන එනවා නම් ඒ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන්ගෙන් පමණක් නොව මුළු පාර්ලිමේන්තුවේම එකඟතාවය සහ සම්මුතිය සහිතව බවය.
ඇමතිවරයා මෙසේ ද කීවේය.
විවිධ ක්ෂේත්‍රවල සමාජ පරිහානිය ජනමාධ්‍යවලටත් අදාලයි. ඒ නිසාම අපි එක පැත්තකින් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන්න අවධානය යොමු කරලා තියනවා. මේ මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කරන්න හදන්නේ ආණ්ඩුව විසින් නොවෙයි. ආණ්ඩුව පහසුකම් සපයනවා විතරයි. මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන, පුද්ගලයින් සහ ප්‍රවීනයන්ගෙන් තමයි මේ මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් වෙන්නේ. එතැනදී මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා අපි දැඩි අවධානයක් යොමු කරලා තියනවා. තව මාස තුනක් ඇතුළත අපට මාධ්‍ය ප්‍රතිපත්තිය එළි දක්වන්න අවස්ථාව ලැබේවි.
අනික් පැත්තෙන් අපි කියපු ආචාර ධර්ම සංග්‍රහය. ජනමාධ්‍ය සම්බන්ධව කටයුතු කිරීමේ දි රජයේ ප්‍රතිපත්තිය රජය ජනමාධ්‍ය නියාමනය නොවෙයි. ජනමාධ්‍ය එක්ක කරන විධිමත් මෙන්ම අවබෝධාත්මක සාකච්ඡාවකින් එකඟතාවයකින් කටයුතු කිරීම. අපි නීති පැනවීමට වඩා මාධ්‍ය ක්ෂේත්‍රයත් එක්ක සාකච්ඡා කරමින් තමයි මේ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ. රටේ පොදු නීතියට එපිටින් කටයුතු කරනවා නම් ඒකට අදාල නීතිය මගින් කටයුතු කරාවි.
අපි බලාපොරොත්තු වෙනවා තරගකාරී ලෝකය ඇතුළෙ වුනත් ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සමාජ වගකීම පිලිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරාවි කියලා. ඒ ඔස්සේ තමයි මේ කටයුතු ඉදිරියට ගෙනියන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලම සහභාගී කරගෙන තමයි ජනමාධ්‍ය සම්බන්ධව යම් පනතක් උනත් ගෙනෙන්නේ. ජනමාධ්‍ය සම්බන්ධ අපි හදන ආචාරධර්ම පද්ධතියක් පනතක් වැනි ඕනෑම දෙයක දී ක්ෂේත්‍රයේ අයත් එක්ක ඉතාම පුලුල් සාකච්ඡාවකින් අනතුරුවයි අපි එය කරන්නේ.