Homeදේශීයපොලීසියේ උසස්වීම් සහ බඳවා ගැනීම් ගැන ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

පොලීසියේ උසස්වීම් සහ බඳවා ගැනීම් ගැන ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

ඉදිරි මාස තුන තුළ පොලිස් සැරයන් ශ්‍රේණිය සඳහා උසස්වීම් 5000ක් සහ පොලිස් පරීක්කෂ ශ්‍රේණි සඳහා උසස්වීම් 1500ක් ලබා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය.
අද පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසුවේය 2020 දෙවැනි මාසයේ සිට පුරා වසර 05ක් තිස්සේ පොලිසියේ පහළ ශ්‍රේණි වෙත උසස්වීම් ලබා දී තිබුණේ නැති බවය.
මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 275ක් පමණ පවරා ඇති බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

එම අධිකරණ කටයුතුවලට බාධා නොවන පරිදි මාස තුනක් තුළ පොලිසියේ පහළ ශ්‍රේණි වෙත අදාල උසස්වීම් ලබා දීම සඳහා කටයුතු කරන ලෙස තමන් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ද ඇමතිවරයා පැවසුවේය.

එමෙන්ම මේ වනවිට 28000ක් පමණ වූ පොලිස් නිලධාරීන්ගේ පුරප්පාඩු ප්‍රමාණයක් ඇති බවත් ඉන් 5000ක් බඳවා ගැනීමට මේ වනවිට අනුමැතිය ලැබී ඇති බවත් කී ඇමතිවරයා පුරප්පාඩු ගැසට් කර ඇති බවත් දැන් අයදුම්පත් ලැබෙමින් පවතින බවත් පැහැදිලි කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments