Homeදේශීයමුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

එස්. එම්. නලීම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා අබ්දුල් වසීත් නම් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එස්. එම්. නලීම් මහතා ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරගකිරීම සඳහා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණි.

ඔහු එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු ද විය.

ඒ අනුව පුරප්පාඩු වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අබ්දුල් වසීත් මහතා නම් කිරීමට එම පක්ෂයේ නායකත්වය තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

අබ්දුල් වසීත් මහතා පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකි

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments