Homeදේශීයමහින්දානන්දගේ කණ්ඩායම නාවලපිටියේ බලය අල්ලයි

මහින්දානන්දගේ කණ්ඩායම නාවලපිටියේ බලය අල්ලයි

නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ. එම්. කේ. පී. කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9:00ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.

එම නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත්වූ එම නගර සභාවේ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත්වුණා.

උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තේරී පත්වූ කේ. සුරේස්වරන් මහතා ඡන්ද 09ක් ගත්තා.

ජාතික ජන බලවේගයෙන් තිලක් අමරසිරි සිරිසේන මහතා සහ උප සභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න යෝජනා කළ අතර, ඔවුන් දෙදෙනම පැවැති විවෘත ඡන්දයෙන් ඡන්ද 05 බැගින් ලබාගෙන තිබුණා.

එම සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබුවා.

නාවලපිටිය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 මන්ත්‍රී ධුර 2ක්, සමගි ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 2ක්, එක්සත් ජාතික සන්ධානයෙන් මන්ත්‍රීධූර 1ක් වශයෙන් එම නගර සභාව සභිකයින් 15 දෙනෙකු නියෝජනය කරනු ලබනවා.

බහුතර බලයක් කිසිදු කණ්ඩායමකට හිමි නොවූ හෙයින් ස්වාධීන කණ්ඩායම් එක්වී නාවලපිටිය නගර සභාවේ සභාපති ධූරය සහ උප සභාපති ධූරය හිමි කරගනු ලැබුවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments