Homeදේශීයවැලිකන්ද නෙළුම්වැව උණු දිය උල්පත් සංවර්ධනය කෙරේ

වැලිකන්ද නෙළුම්වැව උණු දිය උල්පත් සංවර්ධනය කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සැලසුම් සකස් කර ඇත.
මීට අදාළ සාකච්ඡාවක් එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, එහි නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි.මෙතෙක් මෙම උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම එහි සංචාරය කිරීමට දෙස් විදෙස් සංචාරකයන් දක්වන උනන්දුව අඩු වීමට හේතුවක් වී තිබිණි.

මෙම සාකච්ඡාවේදී නෙළුම්වැව උණුදිය උල්පත් සංවර්ධනය කිරීමේ වැදගත්කම, එහි ඇති සංචාරක සහ තාක්ෂණික විභවතාව මෙන්ම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි. උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශයේ වන ගහනය වැඩි කිරීම, දූපත අලංකරණය සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීමට පහසු වන ආකාරයට ගොඩබිමේ සිට දූපත දක්වා පාලමක් ඉදිකිරීම ආදී කරුණුද මෙහිදී සාකච්ඡාවට ලක් විය. නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ඩබ්. වසන්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය භූගත ජලවිද්‍යාඥ ධර්ම ගුණවර්ධන යන මහත්වරු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා තවත් ආයතන කිහිපයක නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments