බැටරිය සහිත වහළ මත සවිකරන සූර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සදහන් කළේ, ඒකකයක් සඳහා රුපියල් 45 යි සත 80 ක මුදලක් ගෙවීමට තීරණය කර ඇති බවයි.
බැටරිය සහිත නව සබඳතා සදහා පමණක් එම ගාස්තු වැඩිකිරීම සිදුකෙරෙන බව ඔහු සදහන් කළා.
වහළ මත සවි කර ඇති සූර්ය කෝෂ සදහා ඒකකයක් වෙනුවෙන් මීට පෙර කළ ගෙවීම රුපියල් 27 ක්.
නව තීරණය කඩිනමින් ක්‍රියාවට නැංවීමට නියමිත බවද ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවා.
ජූනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කිලෝවොට් 5 දක්වා ඒකකයක් රුපියල් 20.90ක්, කිලෝවොට් 5 සිට කිලෝවොට් 20 දක්වා ඒකකයක් රුපියල් 19.61ක්, කිලෝවොට් 20 සිට කිලෝවොට් 100 දක්වා ඒකකයක් රුපියල් 17.46 ක් දක්වා ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
බලශක්ති අමාත්‍යාංශය විසින් ජුනි මස 20 වැනිදා ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ජූනි මස 16 වැනිදා සිට මෙම සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක බවයි.
මෙම සංශෝධිත ගාස්තු අදාළ වන්නේ 2025 ජූනි 16 හෝ ඊට පසුව පද්ධති නිෂ්කාශන ගාස්තු ගෙවන සියලුම අයදුම්කරුවන්ටයි
2025 ජූනි 16 හෝ ඊට පසුව ඉදිරිපත් කරන දීර්ඝ කිරීමේ ඉල්ලීම් සඳහාද මෙම නව ගාස්තු අදාළ වේ.