Homeදේශීයමාලිමාවේ මහින්දට උපාධියක් හෝ ඩිප්ලෝමාවක් නෑ

මාලිමාවේ මහින්දට උපාධියක් හෝ ඩිප්ලෝමාවක් නෑ

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, විශ්වවිද්‍යාලයක හෝ විද්‍යා පීඨයක හෝ ගුරු විද්‍යාලයක කිසිදු විධිමත් අධ්‍යාපනයක් ලැබූ අයෙකු නොවන බව ජාතික එකමුතු ගුරු සංගමය පවසනවා.

එම සංගමය විසින් කැඳවූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වූයේ මහින්ද ජයසිංහ, රනිල් වික්‍රමසිංහ විසින් ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියම් ලෙස පත්කළ අභ්‍යාසලාභී ගුරුවරයෙකු බවයි.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දුෂ්කර පාසලකට පත්වීම් ලද මහින්ද ජයසිංහ අනතුරුව වෘත්තීය සමිතියක් පිහිටුවාගෙන සමස්ත ගුරු පරපුරම රැවටූ බවද එහිදී සඳහන් කළා.

අවසානයේ ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි ඇති සමස්ත ගුරු පරපුරම මහින්ද ජයසිංහලාට රැවටුණු බවයි එම සංගමය අවධාරණය කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments