රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිඛෙන පෙත්සම්වලට අදාලව රජයේ ස්ථාවරය අද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ විධිවිධාන මගින් ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව සඳහන් කරමින් පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණා.
මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වෙනවා.
ඉකුත් (04) පෙරවරුවේ ආරම්භ වූ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් එදින රාත‍්‍රිය දක්වාම සිදු කෙරුණා.
මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය හා ඊට අදාළව සිදුවිය යුතු සංශෝධන ඇතුළත් ලිඛිත දේශන ඉකුත් (05) වැනිදා දිනය තුළ ගොනු කරන ලෙස ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබුණා.
ඉකුත් ඔක්තෝම්බර් මස 6 වෙනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම පනත් කෙටුම්පතෙහි ඇතුළත් ඇතැම් වගන්ති මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට පෙන්වා දෙමින් මෙම පෙත්සම් විසිහය ඉදිරිපත් කර තිබුණා.
ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) මගින් ලබාදී ඇති ප්‍රතිපාදන අනුවයි.
මෙම පනත් කෙටුම්පත මගින් බරපතල අපරාධ නිර්වචනය කර ඇති ආකාරය ඇතුළු කරුණු මගින් පුද්ගල නිදහසට බාධා වීම, සුරා බදු නිලධාරීන්ට සහ පොලිසියට අත්තනෝමතික බලයක් ලැබීම යනාදිය සිදුවන බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විසින් වීමක් සිදුවන බවටත් පෙත්සම් විභාගයේදී නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
එම පනත් කෙටුම්පතේ ඇතුළත් ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවට තීරණය කොට එය නිසි ලෙස නීතියක් බවට සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජනපදයෙන් සහ ජන මත විචාරණයකදී ජනතාව විසින් සම්මත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස මෙම පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ,මාධ්‍යවේදී මාලින්ද සෙනවිරත්න හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක, ඇතුළු පාර්ශ්ව විසි හයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.



