Homeදේශීයලෝක සරණාගත දිනය අද

ලෝක සරණාගත දිනය අද

ජාත්‍යන්තර සරණගාත දිනය ජූනි 20වන දිනට (අදට) යෙදී තිබේ.

ජාතිය, ආගම, ජාතිකත්වය, දේශපාලනික හා පාරිසරික ව්‍යසන වැනි කරුණු නිසා රටක් හැර යන මිනිසුන් සරණාගතයින් ලෙස හඳුන්වයි.

මොවුන් රැකවරණ බලාපොරොත්තුවෙන් සිය මව් රටින් පිටුවහල් වේ. නැතහොත් තමන්ගේම රට තුළ සරණාගතයින් සේ ජීවත්වීමට සිදු වේ.

ලොව පුරා සිටින සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම ජූනි 20 ජාත්‍යන්තර සරණාගත දිනය ලෙස නම් කර තිබේ.

ඒ වෙනුවෙන් ලෝකය පුරා විවිධ සැමරුම් පැවැත්වයි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට (UNHCR) අනුව,2024 අවසන් වන විට ගෝලීය වශයෙන් සරණාගතයින් සංඛ්‍යාව මිලියන 130.8 ඉක්මවා ඇත. වාර්තා වී ඇති සරණාගතයින්ගෙන් වැඩි ප්‍රමාණයක් සිටින්නේ ඉරානය, තුර්කිය, කොලොම්බියාව සහ ජර්මනිය තුළ යි.

නොයෙක් හේතූන් මත ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ සරණාගතයින් ද ලොව බොහෝ රටවල ජීවත් වේ.

එමෙන්ම,උතුරු නැගෙනහිර යුද සමයේ මෙන්ම භීෂණ සමයේ ද මෙරට දිවි ගෙවීම අපහසු වන තරමට අසරණ වූ පිරිස්, පිටරටවලට සංක්‍රමණය වී, සරණාගතයින් ලෙස ජීවත් වී ඇත.

අදට ද ඇතැම් ශ්‍රී ලාංකිකයන් බටහිර රටවල දේශපාලන සරණාගතයින් ලෙස දිවි ගෙව යි. මෑත කාලීනව ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන හා මියන්මාර සරණාගතයින් ද දැක ගත හැකි විය.

මේ සියළු කරුණු මධ්‍යයේ ලෝක සරණාගත දිනයේ දී අප තේරුම් ගත යුත්තේ , සරණාගතයින් යනු අමුතු ජීවී කොට්ඨාසයක් නොවන බවයි. සරණාගතයින්ද මනුෂ්‍යයන් වන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments