Homeදේශීයරනිල්ගේ සිංගප්පූරු ගමනට විදේශ අමාත්‍යාංශය හරහට

රනිල්ගේ සිංගප්පූරු ගමනට විදේශ අමාත්‍යාංශය හරහට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ කරන ලද සංචාරය අතරතුරදී එරට හිටපු අගමැතිවරයකු වූ ලී සියෑන් ලූන් හමුවීමට යොමු කරන ලද ලිපිය මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට යොමුකර නැතැයි අනාවරණය වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් මැයි මස 29 වැනිදා සිංගප්පුරුවේ සංචාරයක් සඳහා පිටත් වූ අතර, ඊට පෙරදී ඔහු එරට හිටපු අගමැතිවරයකු වූ ලී සියැන් ලුන් හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව දැනුවත් කර තිබිණි.

කෙසේ නමුත්, එම සාකච්ඡාව සම්බන්ධව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එම ලිපිය සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කර නැත.

හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සිංගප්පූරුවේ ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ සාකච්ඡා කළේය.

මෙහිදී හිටපු අගමැතිවරයා සමග නිල නොවන සාකච්ඡාවක් සඳහා හිටපු ජනාධිපතිවරයාට අවස්ථාව සලසා දීමට එරට ඇමැතිවරුන් කිහිපදෙනකු උත්සාහ ගත්තද, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට පටහැනි වන බැවින් හිටපු ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරය නිමාකර 02 වැනිදා යළි මෙරටට පැමිණියේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments