Homeජාත්‍යන්තරදකුණු කොරියා ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ ලී ජේ-මියුන්ග්ට ජය

දකුණු කොරියා ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ ලී ජේ-මියුන්ග්ට ජය

දෙසැම්බර් මාසයේදී පැය හයක් රට යුද්ධ නීතිය යටතේ තැබීම හේතුවෙන් ධූරයෙන් ඉවත් කරන ලද යූන් සොක් යෝල් වෙනුවට නව ජනාධිපතිවරයකු
පත්කර ගැනීම සඳහා ජූනි 3 වන දින දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කළ ලී ජේ-මියුන්ග් (Lee Jae-myung) ජයග්‍රහණය කර තිබේ.

61 හැවිරිදි ලී, ජයග්‍රහණය කළේ බලයේ සිටින කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ පහසුවෙන් පරාජය කරමිනි.

මිලියන 52ක පමණ ජනගහනයක් සිටින දකුණු කොරියාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස ලී ජේ-මියුන් අද සිට පස් අවුරුද්දක කාලයක් සඳහා දිවුරුම් දීමට නියමිතය.

රට ගැඹුරු කැලඹීමකට ඇද දැමූ සහ සමාජයේ ගැඹුරු බෙදීම් ඉස්මතු කළ යූන් ඉතිරි කර ගිය දේශපාලන හා ආර්ථික ගැටලු කළමනාකරණය කිරීමේ කාර්යය නව ජනාධිපතිවරයාට පැවරෙනු ඇත.

එපමණක් නොව මෙම මැතිවරණය පැවතියේ, උතුරු කොරියාවෙන් එල්ල වන පසුබිමකය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments