Homeදේශීයජාතික ණය සුරැකුම් ආයතනය මෙහෙයුම් අරඹයි

ජාතික ණය සුරැකුම් ආයතනය මෙහෙයුම් අරඹයි

ජාතික ණය සුරැකුම් ආයතනය නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම කිරීම සිදුකෙරිණි.

මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය හෙට නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය මගින් ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරික ණය සඳහා දේපළ ඇපකර මත යැපීම වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම්ව මූල්‍ය ශක්‍යතාවයක් සහිත ව්‍යාපෘතීන් හඳුනාගනිමින් ආයතනයේ කොටස් හිමි බැංකු හා මූල්‍ය ආයතන වලට ඇප ආවරණයක් ලබා දෙමින්,එකී ආයතන ණය ලබා දීම සඳහා දිරිමත් කිරීම සිදු කරයි. ශ්‍රී ලංකා රජය හා මූල්‍ය ආයතන එක්ව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ උන්නතිය උදෙසා ජාතික තලය තුළ මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

සමාරම්භක උළෙල මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් Leah Gutierrez මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments