Homeදේශීයඉන්දු - ශ්‍රීලංකා ගිවිසුම් වලට හෙට මොකද වෙන්නේ?

ඉන්දු – ශ්‍රීලංකා ගිවිසුම් වලට හෙට මොකද වෙන්නේ?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳව සමාජය තුළ ඇතිව තිබෙන කතාබහ තවමත් නිමවී නැහැ.

එවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගෙන් මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇසීමට යොමු කර ඇති බව සඳහන්.

ආරක්ෂක බලශක්ති,ඩිජිටල් තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට අදාළව මෙම ගිවිසුම් අත්සන් කර ඇත.

මීට පෙර මේ පිළිබඳව විමසීමේදී ආණ්ඩු පක්ෂයේ පාර්ශවයෙන් ලබා දුන් පිළිතුර වූයේ අදාළ ගිවිසුම් අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම ගිවිසුම් ලබාගන්නා ලෙසයි.

කෙසේ වෙතත් හෙට දිනයේදී මෙම ගිවිසුම් අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයිද යන්න පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමු වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments