Homeදේශීයරවීගේ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

රවීගේ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනු කළ පෙත්සමක්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවට වාර්තා වනවා.

රවී කරුණානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඔහුට එරෙහිව අධිචෝදනා භාර දී තිබෙන නඩුවක් සම්බන්ධයෙන්.

අදාළ නඩුව සම්බන්ධව මතු වූ චෝදනාවන්ට අනුව, රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී ජීවත් වූ සුඛෝපභෝගී නිවසක මාසික කුලිය රුපියල් දා හතර ලක්ෂ පනස් දහසක් වශයෙන් අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති බව පවසනවා.

එම කුලිය මාස 8ක කාලයක් පුරාම අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති අතර, එමගින් ඔහු මුදල් ලබා දී ඇත්තේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානියා ලෙසින්.

මේ සම්බන්ධයෙන් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ රවී කරුණානායකට එරෙහිව නඩු පවරා ඇති අතර, ඒ සඳහා පදනම් වූ අල්ලස් පනත යටතේ අමාත්‍යවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව රවී කරුණානායකගේ නීතීඥයන් පාර්ශවය පවසා තිබුණා.

නමුත් මහාධිකරණය එම නියෝගයට එරෙහිව, අභියාචනයක් ගොනු කිරීමට රවී කරුණානායක දැරූ උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළ හැක්කේ, මහාධිකරණයෙන් ඔහු වරදකරු කළහොත් පමණක් බවට රවී කරුණානායකගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දුන්නා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments