පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ බහුතරය ලබාගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබේ.
නුවරඑළිය, යාපනය, මන්නාරම, වවුනියාව යන දිස්ත්‍රික්ක 04 හැර අනෙකුත් දිස්ත්‍රික්ක 21හි ජයග්‍රහණය කර එම තනතුරු සඳහා වූ නම් අංක 2438 /92 ගැසට් පත්‍රයේ දැක්වේ.
මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාතේ පාලන අමාත්‍යාංශයේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම අද දිනයේදී සිදු කළ යුතුව තිබේ.
දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට සභා පිහිටුවීම අද දිනයේදී සිදු කළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇත.
පළාත් පාලන ආයතන 339ක ඡන්ද විමසීම මැයි 06 වන දා පැවති අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව තේරී පත්වූ සහ තෝරා ඒවා ඇති සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව මැයි 30 දිනයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබිණි.
පළාත් පාලන ආයතන 16කට අදාළව බහුතර බලය දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හිමිකරගෙන ඇති අතර තවත් ආයතන 178කට අදාළව තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පූර්ණ ජයග්‍රහණයක් ලබාගෙන නැත.
ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව මඟින් ගැටලුවක් නොමැති පළාත් පාලන ආයතන සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නම් කර එවා ඇති ආයතන ප්‍රධානීන්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කර තිබේ. බහුතර බලයක් දිනා නොමැති ආයතන 178 ක සභා පිහිටවීම දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් අද
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කිරීමට නියමිතව ඇත.
නව ගැසට්ටුව නිකුත් කිරීම පාදක කරගෙන එහි සඳහන් දිනට පෙර එම පළාත් පාලන ආයතන කොමසාරිස්වරු ඡන්දයක් පවත්වා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති සභාපති,උප සභාපති පත් කර ගත යුතුය.