තමන්ගේ කොට්ඨාසය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ අපේක්ෂකයෙක් කොළඹ නගරාධිපති තනතුරට නම් කිරීම නුසුදුසු බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ පක්ෂ සමග එක්ව ගොඩනගන කොළඹ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයේ දී නගරාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ විශේෂඥ වෛද්‍ය රුවේයිස් හනීෆා නොවන බවත් සමගි ජන බලවේගය පවසයි.
ඒ තත්ත්වය තුළ ඉදිරි දින කීපය ගතවන තුරු සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා මෙන්ම නියෝජ්‍ය නගරාධිපති අපේක්ෂකයා ද හෙළිදරවු නොකර සිටීමේ ප්‍රතිත්තියක පක්ෂය සිටින බව ද සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කියයි.
අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසුවේ ඉදිරි දින කීපය තුළ දී තම පක්ෂයට සහාය පළ කරන පක්ෂ සහ කණ්ඩායම් එක්ව සමගි ජන බලවේගයට සහාය පළ කරන අපේක්ෂකයෙක් නගරාධිපති ධූරය සඳහා පත් කරන බවය.
නලීන් බණ්ඩාර මෙසේ ද කීවේය.
“තව දවස් දෙකක් තුනක් ඇතුළත අපි කණ්ඩායම රැස් කරනවා. ඒ වගේම අපිට සහයෝගය දෙන මන්ත්‍රීවරුත් රැස් කරනවා. ඊට පස්සේ පොදු එකඟතාවයෙන් වැඩි කැමැත්තක් තියන මේ වැඩේ කරන්න පුලුවන් නගරාධිපතිවරයෙක් නම් කරනවා අපේ පාර්ශවයෙන්. කෙසේ වෙතත් අද මාධ්‍ය අමතමින් සමගි ජන බලවේග ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා ප්‍රකාශ කළේ කොළඹ නගරාධිපතිවරයා පිළිබඳ හෙළිදරවු නොකර සිටින්නැයි වගකිවයුතු අය තමන්ට උපදෙස් ලබා දුන් බවය.
සමගි ජන බලවේගයේ අපේක්ෂකයා මම දන්නවා. මට එය කියන්න බෑ. එය කියන්න අයිතියක් නෑ. ඒ සම්බන්ධව බලධාරීන් ලෙස කටයුතු කරන වගකීම් දරන දේශපාලඥයින් මට දීපු උපදෙස් තමයි දැනට නගරාධිපතිකමට ගෙනත් තියන නම සහ උප නගරාධිපති තැනට ගෙනත් ඇති තැනැත්තාගේ නම් හෙළිදරවු නොකරන ලෙස. ”