Homeදේශීයමුස්ලිම් කැබිනට් ඇමතිවරයෙක් පත්වෙයිද?

මුස්ලිම් කැබිනට් ඇමතිවරයෙක් පත්වෙයිද?

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 23 සිට 25 දක්වා වැඩිකරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරි දෙසතිය තුළ සිදු කරනු ඇතැයි වාර්තා වෙයි.

එම වාර්තාව මෙසේ පවසයි.

එහිදී, නියෝජ්‍ය කතානායක රිස්වි සාලිට හෝ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මුනිර් මුලෆ්ෆර් රාජ්‍ය ඇමතිවරයාට හෝ කැබිනට් අමාත්‍ය පදවියක් ලැබෙනු ඇතැයි දැනගන්නට තිබේ.

මෙතෙක් කැබිනට්ටුවේ මුස්ලිම් ජාතික ඇමැතිවරයකු ඇතුළත් නොවූ බැවින් රජය මෙම තීරණය ගෙන ඇත.

මේ හැරෙන්නට ආරක්ෂක විෂයට අදාළ අමාත්‍යවරයකුට වෙනත් විෂයක් පැවරීමට ඉඩ ඇති බවද සඳහන්ය.

මෙයට අමතරව තවත් නව අමාත්‍යවරයකු පත්කිරීමට සැලසුම් කර ඇතත් ඒ ගැන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර තවත් නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ විෂය වෙනසක් සිදු කිරීමටද සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

ජාතික ජන බලවේගය මහමැතිවරණයේදී ප්‍රකාශ කළ පරිදි කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 25 සීමාවෙහි රඳවා ගනිමින් කැබිනට් සංශෝධනය සිදුකරනු ඇතැයි කියැවෙයි.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නැගෙනහිර පළාතෙන් අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු පත්වීමට ඉඩ ඇතැයිද කියැවෙයි.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන නිශ්චිත දිනය මෙතෙක් තීන්දු කර නැතත් එය සිදුවන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායකද ප්‍රකාශ කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments