වසරේ මේ දක්වා කාලය තුළ මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,758ක් සොයාගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. එම වැටලීම් මගින් බහුදින ධීවර යාත්‍රා 04ක් සමග සැකකරුවන් විසිදෙදෙනකු (22) ද අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් කිලෝග්‍රෑම් 542ක් සහ අයිස් කිලෝග්‍රෑම් 1,216ක් මෙලෙස සොයාගෙන ඇත. ඒවායේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 23 ඉක්මවන බව එම කාර්යාංශය සඳහන් කරයි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් 04ක් මේ අතර වේ.