Homeදේශීයගෙනත් තියෙන්නේ ලුණු මෙට්‍රික්ටොන් 1000

ගෙනත් තියෙන්නේ ලුණු මෙට්‍රික්ටොන් 1000

ලුණු මෙට්‍රික්ටොන් 150000ක් ගෙන්වන බව සඳහන් කළද මේ වන තෙක් මෙරටට පැමිණ ඇත්තේ ලුණු මෙට්‍රික්ටොන් 1000ක් පමණ බව සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ලුණු ආනයනය කිරීමට මේ වන විට ආනයනකරුවන් 150ට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිිංචි වී ඇති නමුත් අවශ්‍ය තරම් ලුණු මෙරටට ගෙන්වා නැති බව වාර්තාවේ.

ලුණු මෙට්‍රික්ටොන් 3500ක ප්‍රමාණයක් වරායට පැමිණ ඇති බව පසුගිය සතියේදී සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළද එපමණ තොගයක් ලැබී නොමැති බවද පසුව අනාවරණය වී ඇත.

මසකට ලුණු මෙට්‍රික්ටොන් 10000ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිනම් දැනට වෙළඳපලේ තිබෙන ලුණු හිඟය පියවා ගැනීමට හැකිවනු අතැයි ද පැවසේ.

කෙසේ නමුත් ප්‍රමාණවත් තරම් ලුණු තොග මෙරටට නොලැබිම හේතුවෙන් වෙළඳපල තුළ ඇතිවී තිබෙන ලුණු හිඟය තවදුරටත් පවතිනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments