Homeදේශීයඅපනයන ආදායම ඉහළ ගිහින්

අපනයන ආදායම ඉහළ ගිහින්

මෙම වසරේ ගතවූ පළමු මාස 04 තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක් දක්වා ඉහළට ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 6.09 ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් මගින් කියා සිටින අතර ඒ අනුව, මෙම කාලසීමාව තුළ වාර්තාවී ඇති මුලු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5583.25 ක්.

අපනයන වැඩිම ආදායම උපයන ඇගලුම් සහ රෙදිපිළි අංශයේ ගතවූ මාස 04 තුළ ඩොලර් මිලියන 1,747. 91 ක් උපයා ඇති අතර එය පසුගිය වසරේ සටහන් වුණේ ඩොලර් මිලියන 1, 566.39 ක් ලෙසයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments