Homeදේශීයවත්කම් බැරකම් ප්‍රකාශ කළයුතු මාණ්ඩලික නිලධාරින්

වත්කම් බැරකම් ප්‍රකාශ කළයුතු මාණ්ඩලික නිලධාරින්

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කළයුතු මාණ්ඩලික නිලධාරීන් අර්ථකථනය කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ 32/2017 චක්‍රලේඛයෙන් ද අමාත්‍යංශවල සහ රජයේ දෙපාර්තමේන්තුවල අංක 32/2017 චක්‍රලේඛයේ සංශෝධන වන මාණ්ඩලික නිලධාරියා යනුවෙන් සඳහන් සෑම තැනැත්තෙකුම ඊට අයත් බව සඳහන් වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ සේවයේ නියුතු සෑම තැනැත්තෙකුම රාජ්‍ය බැංකුවල විධායක ශ්‍රේණියේ හෝ ඊට සමාන ශ්‍රේණිවල සිටින සෑම තැනැත්තෙකු එම අර්ථකථනයේ දැක්වෙනවා.

මේ අතර, ස්වාධීන කොමිෂන් සභාවල ‘මාණ්ඩලික නිලධරයා’ යන ගණය යටතේ වර්ගීකරණය කරනු ලබන සෑම තැනැත්තෙකු යම් ප්‍රඥප්තියක් මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද ස්වාධීන නියාමන හෝ අධික්ෂණ කොමිෂන් සභාවල හෝ පුද්ගල මණ්ඩලවල සේවා වැටුප් නිර්ණායක, නීති, රීති හා රෙගුලාසිවල ‘මාණ්ඩලික නිලධරයා’ වශයෙන් වර්ගීකරණය කරනු ලබන සෑම තැනැත්තෙකු ඊට අයත්.

රජය හෝ රජයේ සංස්ථාවක සියයට විසිපහකට නොඅඩු කොටස් දරන්නා වූ 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කළ සමාගම්වල අදාළ වැටුප් නිර්ණායක, නීති, රීති හා රෙගුලාසිවල ‘මාණ්ඩලික නිලධරයා’ වශයෙන් වර්ගීකරණය කරනු ලබන සැම තැනැත්තෙකු ඉන් අදහස් කරන බව අංක 2437/07 අති විශේෂ ගැසට් නිවේදයේ සඳහන් වනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පවරා ඇති බලතල ප්‍රකාරව කොමිෂන් සභාව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 162 (2) වගන්තිය සමග කියවිය යුතු 157 වගන්තිය යටතේ සාදනු ලබන රිති මැයි 19 සිට බලාත්මක බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

RELATED ARTICLES

Most Popular

Recent Comments