Homeදේශීයකොළඹ සංවර්ධන ව්‍යාපෘති 535න් ක්‍රියාත්මක 283යි

කොළඹ සංවර්ධන ව්‍යාපෘති 535න් ක්‍රියාත්මක 283යි

බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම 2025 යටතේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති 535ක් සඳහා රුපියල් මිලියන 1508.25ක් අනුමත වී ඇතත් මැයි 16 දින වන විටත් වැය කර ඇත්තේ එයින් රුපියල් මිලියන 8.20ක් බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ප්‍රගති ලේඛනයේ සඳහන් වේ.

මේ වසරේ ජනවාරි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා බස්නාහිර පළාත් සංවර්ධනට රුපියල් මිලියන 3,201.30 රජය වෙන්කර ඇති බව එහි දැක්වේ.

අමාත්‍යාංශ 05ක් යටතේ අනුමත කරන ලද ව්‍යාපෘති 535ක් ම මේ වනවිටත් ආරම්භ කර නොමැති බව එම ප්‍රගති ලේඛනයේ දැක්වේ.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත ව්‍යාපෘති 177න් 125ක් ආරම්භ කර නොමැත.

සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ ව්‍යාපෘති 194 න් ව්‍යාපෘති 61 ක් ද, මහා මාර්ග අමාත්‍යාංශය අනුමත කළ ව්‍යාපෘති 61න් ව්‍යාපෘති 08ක් ද, පළාත් පාලන අමාත්‍යාංශය අනුමත කළ ව්‍යාපෘති 77න් ව්‍යාපෘති 43ක් ද කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමත කළ ව්‍යාපෘති 26න් එක් ව්‍යාපෘතියක් ද වශයෙන් ඒවා ආරම්භ කර නොමැත.

මේ අතර, 2025 වර්ෂයට අදාළව අනුමත ව්‍යාපෘති 535න් ක්‍රියාත්මක මට්ටමේ පවතින්නේ ව්‍යාපෘති 283ක් බව ත් වැඩ අවසන් කළ ව්‍යාපෘති ඇත්තේ 14ක් බවත් බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්මේ ප්‍රගති ලේඛනයේ වැඩිදුරටත් සඳහන් වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments