Homeදේශීයවිගණකාධිපතිට සේවා දිගු ඇයි? ඉක්මනින් පත්කරන්න

විගණකාධිපතිට සේවා දිගු ඇයි? ඉක්මනින් පත්කරන්න

වත්මන් වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිලට තවත් මාස හයක් එම තනතුරේ රැඳී සිටීමට ඉඩ ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ඉල්ලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ.

එම අනුමැතිය ලබාදීමේදීද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ බෙදීමක් මතුව ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මෙලෙස මාස හයක සේවා දිගුවක් ලබාදීමට විරෝධතාවය පළකර ඇත.කඩිනමින් ස්ථිර විගණකාධිපතිවරයකු පත් කළ යුතුය යන පදනම මත ඔවුන් එම විරෝධය සටහන් කළ බව වාර්තා වෙයි.

සිවිල් සමාජයේ නියෝජිතයින් තිදෙනා කොන්දේසි වලට යටත්ව මෙම සේවා දිගුවට එකඟතාවය පළකර ඇත.ඔවුන්ගේ අදහස වී ඇත්තේ ද කඩිනමින් ස්ථිර විගණකාධිපතිවරයෙකු පත්කළ යුතු බවටයි.

කෙසේ වුවද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය,අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආදම්බාවා සහ එස් ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට එකඟතාවය පළකර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments