Homeදේශීයජනාධිපති එවූ විගණකාධිපතිගේ නම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරලා

ජනාධිපති එවූ විගණකාධිපතිගේ නම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරලා

ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාව වෙත විගණකාධිපති තනතුර සඳහා විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ නොවන බාහිර පුද්ගලයෙකුගේ නමක් යොමු කර තිබිණි.අද රැස්වූ ව්‍යවස්ථා සභාව එම නම සළකා බැලීමේදී එකඟතාවයක් ඇති නොවීම හේතුවෙන් ඡන්ද විමසීමක් සිදුකර ඇතැයි වාර්තා වෙයි.
එහිදී වැඩි ඡන්දයෙන් එම නම ප්‍රතික්ෂේප වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කෙරේ.
ඊයේ රැස්වී ඒ පිළිබඳව ව්‍යවස්ථා සභාවේ එකඟතාවයක් ඇති නොවීම හේතුවෙන් මෙම සලකා බැලීම අද දිනය දක්වා කල්තැබීමට තීරණය කරන ලදී.

වසර 225ක ඉතිහාසයේ අවස්ථා දෙකකදී හැර විගණකාධිපතිවරු 41 දෙනෙක් පත්කර ඇති සම්ප්‍රදාය රාජ්‍ය විගණන සේවයේ සුදුසුකම් සහිත ජේෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාවය ලබාදීමයි.

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ ජේෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති ධුරයට පත් නොකර වෙනත් බාහිර පුද්ගලයෙකු පත් කිරීමට දරන උත්සාහයට ජාතික විගණන කාර්යාල වෘත්තිය සමිති එකමුතුව දැඩි විරෝධයක් මතුකර තිබේ.

ශ්‍රී ලංකා විගණන සේවා සංගමය,රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය,රජයේ විගණන නිලධාරී සංගමය ඒකාබද්ධ ඒකමතික විරෝධයක් දක්වා ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments