Homeදේශීයරටේ ගුරුවරු 24522ක හිඟයක්

රටේ ගුරුවරු 24522ක හිඟයක්

මේ වනවිට ගුරු පුරප්පාඩු 24522 ක් පවතින බව අධ්‍යාපන අමාත්‍යය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 15514කි.

ඉන් 4240ක් එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය පාසල් ගුරු පුරප්පාඩුය.

11274ක් සිංහල මාධ්‍ය පාසල් වල 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගුරු පුරප්පාඩු වේ.

දමිළ මාධ්‍ය පාසල් වල ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 9008කි.

ඉන් 2827ක් එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දමිළ මාධ්‍ය පාසල් ගුරුවරුන් වේ.

6 ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා දමිළ මාධ්‍ය පාසැල් වල ගුරු ගුරප්පාඩු සංඛ්‍යාව 6121කි.

RELATED ARTICLES

Most Popular

Recent Comments