Homeදේශීයතුසිතට වෙඩි ෆයිල් එකක් උස්සලා

තුසිතට වෙඩි ෆයිල් එකක් උස්සලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවය.

රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොමැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි

වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇති අතර නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්නගේ නිවසේ සිට නැවත එමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වාහනය නවතා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

එ‍ම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, එහිදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අහසට සහ වාහනයට වෙඩි තබා ඇති නාදුනන පුද්ගලයින් දෙදෙනා පලාගොස් ඇත. හල්ලොලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් සිදුවෙමින් පවතින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවට හල්ලොලුවට චෝදනා එල්ල වේ.

ජනාධිපතිවරයා ග්‍රීසියේ විශාල ආයෝජනයක් කළ බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පැමිණිල්ල අදාළ වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments