Homeදේශීයත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට මහජන අදහස් ලබාගනී

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට මහජන අදහස් ලබාගනී

නව ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කිරීම සදහා මහජන අදහස් ලබා ගැනීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

මැයි 16 වැනි දින සිට දින 14 ක් ඇතුළත මහජන අදහස් සහ නිර්දේශ හා යෝජනා ‘ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා යෝජනා යනුවෙන් සඳහන් කර ලේකම්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නො. 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 ලිපිනයට ලිපි මගින් එවිය හැකියි.

ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරිච්ඡින්න කර ඒ වෙනුවට නව කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

නව පනතක් හදුන්වා දීම තුළින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශීය වශයෙන් පුද්ගලයින්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නා වූ ප්‍රමිතීන්ට අනුගත වීම අදහස් කෙරෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට මේ වන විට කමිටුවක් පත් කර ඇති අතර, අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පත් කර තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments